Thursday 13 January 2011

ශ්‍රේෂ්ඨ රාවනා රජු.

රාවන රජු පිලිබදව අප රට තුල සිටින වැසියන්ගෙ සහ ලෝක වැසියන්ගෙ සිත් තුල ඈත්තේ එතරම් ප්‍රසන්න හැගිමක් නොවේ.මෙයට හේතුව කුමක්ද? සෑබවින්ම ගත්කල මෙයට හේතුව අන් කිසිවක් නොව ඔවුන් තුල රාමයනය නම් ග්‍රන්තය තුලින් ඇතිකර තිබෙන වැරදි වැටහිමයි.
අපි කරුණු එකින් එක ගෙන විමසා බලමු. පලමුව අපි සීතාව පැහැරගැනිම පිලිබදව සිතා බලමු. සීතාව පැහරගත් රජතුමා ඇයට කිසිම අතවරයක් නොකලබව සීතව තම පතිවත ඔප්පුකිරිමෙන් මනාව පැහදිලිවේ.තම පැහැරගත් ස්ත්‍රියට කිසිම අතවරයක් නොකිරිමට තරම් ඔහු ශ්‍රේෂ්ස්ටවිය.නමුත් සීතව පිලිබදව නම් කිවහැක්කේ අනෙකකි. රමායනය ලියු අතිඋතුම් වාල්මිකිගේ අසපුවට ගිය ඇයට තම පතිවත ඔප්පු කිරිමට කියු අවස්තාවෙ එය ඔප්පු කිරිමට නොහැකි විමට හේතුව දන්නේ වාල්මිකිත් ඇයත් පමණි.එසේ නම් රජුගේ උතුම්බව වල්මිකි ලියු  රමායණය නම් ඔහුගේම කෘතියේ ඇති ඇතම් සිදුවිම් වලින්ම ඉහත පරිදි පැහදිලිවේ. [ඇතම් විට සත‍යය සගවා කතාව ගෙතීමට ඔහුට අපහසු වන්නට ඇත.]
දැන් අපි තවත් කරුණක් දෙසට යොමු වෙමු. සිගිරිය පිලිබදව මදකට සිතා බලමු.ඇතමුන්ට අනුව එය ක්‍රි.ව. 477 - 495 දක්වා රජකල කාශ‍යප රජුගෙ නිර්මාණයකි.තම පියා ඝාතනය කොට මුගලන් කුමරුට බියෙන් රටේ ජනතවගේද සහයෝගය නොමැතිවසිටිරජකෙනෙකුට මෙවන් නිර්මණයක් වසර 18 වැනි කෙටි කලයක් තුල කෙසේවත් කිරිමට නොහැක බවට සැක නැත. [පිතෘඝාතකයකුට රටවැසියන් කිසිවිටෙකත් සහයොගය නොදෙන්නට ඇත.ඔවුන් රජුට කැමති වුවද මහා සගරුවනගේ බලපැම මත ඔවුන් රජුට විරුද්ද වන්නට ඇත.]මෙසේ සලකා බලද්දි එය රාවනා රජුගෙ රාජධානිය බවත් කාශයප එය පිලිසකර කර  තම රජධානිය කරගත් බවත් සිතිය හැක.මෙය දෙවනි කරුණ‍යි.
දැන් අපි තවත් කරුනක් දෙසට යොමුවෙමු.  අතීතයේ මිසරයේ පිරමේඩ බිහිවන්නටත් පෙර අත්ලන්තික්ස් නම් දුපතක් අත්ලන්තික් සයුරේ තිබුබවත් එහි සිට් මිනිසුන් දැනට අප භාවිත කරන තාක්ෂනයටත් වඩ දියුනු තාක්ෂනයක් භාවිත කලබවත් ඇතම් ඉතිහාසඥයින් සහ එඩ්ගාර් කේසි නම් පුත්ගලයා පවසයි.ඔවුන්ට අනුව එම දුපත විනාශ විමේදි අයින් බෙරි මිසරයට පලගිය පුත්ගලයින්ගෙන් එහි නව තාක්ෂණය බිහිවිය.[වර්තමනයේ ඇමරිකාව ජර්මනියෙන් සහ රුසියවෙන් පලාආ විද්යාඥයින්ගෙන් තම තක්ෂණය ගොඩනගාගත්තාක් මෙන්.]එවන් දියුණු තාක්ෂණයක් තිබුනි නම් රාවන රජුගෙ දඪුමොනරය නම් ගුවන් යානය ගැන කවර කතාද?මෙය තෙවන කරුණයි.
රාමයනයට අනුවනම් රවනා රජුට හිස් 10 ක් තිබුනි.ඇතමුන්ගෙ මතය අනු ඉන් අදහස් කරනුයේ රවනරජු ඉන්දියාවෙ ප්‍රන්ත 10 යටත් කොටගෙනසිට් බවයි. එය එසේනම් රාමා සහ ලක්ෂ්මන් යනු රජුගෙ ප්‍රන්තවල ඔත්තුබලිමට පමිනි චරපුරුෂයන් වේ.රමයනයට අනුවනම් මෙම සටනට මුලික හේතුව වන්නේ රාම සහ ලක්ෂ්මන් කුමරුට රාවනගෙ නැගනිය විවහ විමටකරන අරධනාව ප්‍රතික්ෂේප කිරිම හා  ලක්ෂ්මන් ඇයගෙ නාසය කැපිමය.නමුත් සැබවින්ම සලකා බලනකල මෙය අභුත චොදනවකි කිමෙද යතොත් මෙහි සදහන් රාවනගෙ නගනියට රාමට සහ ලක්ෂ්මන්ට වඩා වැඩිමහ්ල් පුතුන්ද සිට් බැවිනි.සැබවින්ම සිදුවුයේ එම ප්‍රන්තයේ ඔත්තුබැලිමට පැමිණි රාම සහ ලක්ෂ්මන් දෙදෙනා අල්වාගැනිමේදි මෙය සිදුවු බවයි.කොපවු රාවන රජු සීතව පහර ගත් බවයි.
එසේනම් මෙපමණ බලගතු රජකෙනෙක් පරාජය වුයේ කෙසේද?අන් කෙලෙසකවත් නොව අදමෙන්ම එදාද පැවති බලලොභිත්වය සහ පවාදිම නිසාවේ.එනම් රාවනා රජුගෙ සොහොයුරා වු විභිශන විසින් රාවනා රජුගෙ රහස් ආයුධය ඇති තැන පෙන්වා එය සතුරන් අතට පත් කිරිම නිසාවේ. මෙලෙස එම ශ්‍රේෂ්ඨ රජුගෙ රජධානිය බිදවැටුනි.

"එසෙනම් සිංහලුන් ලෙස අප කලයුත්තෙ රාවන නම් ශ්‍රේෂ්ඨ රජුට ගරුකිරිමද? නැතිනම් රාම නම් පරදෙසක්කාරයාට ගරුකිරිමද?සිතන්න තිරණය ඔබේ අතේ."
                                                                                                                ( පොත පතින් ලද දැනුම ඇසුරෙනි.)